තහනම නොතකා යාපන සරසවිය තුල මහවිරුවන් සමරයි..

0
257
Loading...

යුද සමයේදී මිය ගිය මහවිරුවන් සිහිපත් කොට යාපනය විශ්වවිද්‍යාල භූමිය තුල කිසිදු සැමරීමක් සිදු නොකරන ලෙස විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් පනවා තිබූ තහනම් නියෝගය නොසලකා හරිමින් එහි සිසුන් පිරිසක් අද (27) උදෑසන සරසවිය තුල මහවිරු සැමරීමක් සිදු කොට ඇත.

යාපනය විශ්වවිද්‍යාල භූමියේ පිහිටි යුද්දයෙන් මිය ගිය අය වෙනුවෙන් ඉදිකොට ඇති ස්මාර්කය ඉදිරිපිටදී මෙම මහවිරු සැමරුම් සිදු කොට ඇති අතර ඒ සඳහා විශ්වවිද්‍යාලයේ සිසුන් 50 ක් පමණ දෙනා සහභාගී වී මහවිරුවන් සමරා පුෂාපෝපහාර දක්වා ඇත.

කෙසේ වෙතත් ඊයේ දින යාපනය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුනේ 26, 27 හා 28 දිනයන්හි විශ්ව විදයාල භූමිය තුල මහවිරුවන් සැමරීමට කිසිදු සිසුවෙකුට ඇතුල්විය නොහැකි බවටත් එසේ ඇතුල් වී සැමරුම් සිදු කරන සිසුන් හට විනයානු කූල පරික්ෂණයක් සිදු කරනු බවටත්ය.

කෙසේ වෙතත් අද දින එම තහනම නොසලකා හරිමින් සිසුන් පිරිසක් සරසවියේ ස්මාර්කය ඉදිරිපිට මෙසේ මහවිරු සැමරුමක් සිදු කිරීම සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් ඉදිරි පරික්ෂණ කටයුතු සිදු කරනු ලබන අතර මෙලෙසින් යපනය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් සිසුන්ට මහවිරු සැමරුමක් තහනම් කරනු ලැබුවේ පළමු වතාවට වීමද විශේෂත්වයකි.

පසුගිය මහවිරු සැමරුම් දිනයන්හි යාපනය විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමයේ සිසුන්ගේ කාර්යාල තුල තහනම් සංවිධානයක් වූ කොටි සංවිධානයේ පෝස්ටර් තිබී සිසුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට පත්වීමද සිදු විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ


Live TV Cricket
Loading...