ජේසු තුමාගේ ලේ ගෑවුණු සළුව ගැන අම්පිටිය දෙව් අරණකින් එළියට එන රහස!

0
232

ජේසුස් වහන්සේ පිළිබඳ ලියැ වී ඇති ඓතිහාසික ලේඛන මඟින් උන්වහන්සේගේ චරිතය හඳුන්වාදීමේදී සිදුකර ඇත්තේ අතිශයින්ම මධ්‍යස්ථ වූ බලපෑමක් පමණි. ජේසුස් යනු කවරෙක්ද? ඔහු උපන්නේ කවදාද? කුරුසයේ ඇණ ගසා මරණයට පත්කිරීමට ප්‍රථම ඔහු කිනම් පුද්ගලයකු වීද? ඔහු මියගියේ කවදාද? කෙසේද? කොතැනකදීද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම මේ වන විටත් සිදුවෙමින් පවතින්නකි. ක්‍රිස්තු වර්ෂයෙන් එළැඹෙන එක සහ දෙක ශතවර්ෂ ජේසුස් වහන්සේ නමින් මනුෂ්‍යයකු ජීවත්ව සිටි බව පෙන්නුම් කරන කිසිදු සඳහනක් නොමැති ශතවර්ෂ දෙකකි.

ඊට පසුකාලයේදී ලියැවී ඇති සියලුම මූලාශ්‍ර ජේසුස් වහන්සේ ගැලවුම්කාරයකු වශයෙන් සහ දෙවියන් වහන්සේගේ පුත්‍රයා වශයෙන් පිළිගනු ලබන විශ්වාසයන් පදනම් වූ ඒවාය. එහි සුවිශේෂීතාව වන්නේ ඒවා සම්පූර්ණයෙන්ම පාහේ දේව ධර්මයට අනුකූලව කරන ලද රචනා වීමයි. එම නිසා ජේසුස් වහන්සේ පිළිබඳ අපක්ෂපාතී ලිඛිත සාක්ෂියක් බොහෝ කලක් තිස්සේ ප්‍රායෝගිකව අත්දකින්නට නොලැබුණු අතර අදද පවා ජේසුස් වහන්සේ උපන්නේ කවර වර්ෂයකදීද යන්න නිශ්චය කර ගත නොහැකිය. ජේසු උපත පිළිබඳ ඇති නිවැරැදිම සාක්ෂිය වන්නේ උන් වහන්සේ උපත ලබන ලද්දේ හෙරෝද් රජතුමාගේ රාජ්‍ය සමයේදී බව පමණි.

(ක්‍රි.පූ. 37-34) ඒ අනුව ජේසුස් වහන්සේ උපදින්නට ඇත්තේ ක්‍රි.පූ. 4-7 වර්ෂවලදී බව අනුමාන කළ හැකිය. ජේසුස් වහන්සේ සම්බන්ධයෙන් උන්වහන්සේගේ අතිශයින් වැදගත් වූ කාලය ලෙස පිළිගැනෙන ළමා විය හෝ තුරුණු විය පිළිබඳවද සුබාරංචියේ කිසිදු තැනක දක්නට නොලැබීම විවාදයට තුඩු දුන් කාරණාවකි. ජේසුස් වහන්සේ තමන් වහන්සේ විසින් අනුගමනය කරන ලද ශික්ෂාකාමී දිවි පෙවත මඟින් සමාජය කෙරෙහි බලපෑමක් ඇති කරන ලද කෙටි කාල පරිච්ඡේදයන් සම්බන්ධයෙන් ඉදිරිපත් වන කරුණු කාරණාවල පවා උන්වහන්සේගේ චරිතය පිළිබඳ සඳහන් තොරතුරු විරලය.

උන්වහන්සේ ජීවතුන් අතර සිටි කාලය පිළිබඳ යම් රචනාවන් කළ උගතුන් උන්වහන්සේ පිළිබඳ හෝ උන්වහන්සේගේ දර්ශනය පිළිබඳ වැදගත් ලෙස නොසැලකූ බව පෙනේ. සුබාරංචියේ සඳහන් විස්මයජනක ප්‍රාතිහාර්යයන් හා අසාමාන්‍ය සිදුවීම් උන්වහන්සේගේ චරිතයට සම්බන්ධව නොලිවීමට ඉතිහාසඥයන් ක්‍රියා කළේ මන්ද?

ජේසුස් වහන්සේගේ සමකාලීනයකු වූ ෆිලෝ ජුදාස් විසින් රචිත ඉතිහාසය තුළද ජේසුස් වහන්සේ පිළිබඳ කිසිදු සඳහනක් නොවේ. එම ඉතිහාසය දිග දුර ඇදීමේදී ක්‍රිස්තියානි ආගමට සම්බන්ධ නොවූ අපක්ෂපාතී මූලාශ්‍ර මඟින් උන්වහන්සේ පිළිබඳ තොරතුරු ලබාගත හැකි වන්නේ ක්‍රි.ව. දෙවැනි ශතවර්ෂයේදීය. ක්‍රි.ව. දෙවැනි ශතවර්ෂයේදී ප්‍රචලිතව පැමිණි කතා ප්‍රවෘත්ති මත පදනම් වී ඇති එම කරුණුවලින් කියැවෙන කාලය ජේසුස් වහන්සේ කුරුසයේ ඇණ ගැසීමෙන් අවුරුදු 80ක් හෝ 90ක් එපිට කාලයකි. ඊට අමතරව යුදෙව් ජාතිකයන්ගේ ඉතිහාසය පිළිබඳ ලියා ඇති අටවැනි පොතේ මෙසේ සඳහනක් වේ. “ජේසුස් වහන්සේ මනුෂ්‍යයකු ලෙස හැඳින්විය හැකි නම් ජේසුස් නමැති බුද්ධිමත් මනුෂ්‍යයකු මේ කාලයේදී ජීවත් විය. ඔහු අපූර්ව ක්‍රියා සිදුකළේය. ඔහු සත්‍ය දැනගැනීමට කැමැති මිනිසුන්ගේ ගුරුවරයකු විය. ඔහු බොහෝ යුදෙව් ජාතිකයන් මෙන්ම ග්‍රීක් ජාතිකයන්ද තමා වෙත නතු කර ගත්තේය. ක්‍රිස්තුස් වහන්සේ නම් ඔහු විය.

ඉතිහාසඥයකුගේ කාර්යයේ ඇති දුෂ්කරතාවන් නිසාම ජේසුස් වහන්සේගේ ඉතිහාසය මෙවැනි ඉරණමකට මුහුණ දුන්නා යැයි සිතීමද හිතලුවකි. කෙසේ නමුත් ජේසුස් වහන්සේ පිළිබඳ ජීවමාන සාක්ෂියක් ශ්‍රී ලංකාවේ වේ. අවාසනාවකට එය එතරම් දුරකට ප්‍රසිද්ධ වී නොමැත. මෙම සාක්ෂිය ඉතිහාසයට අනුකූල වන පරිද්දෙන්ම විද්‍යාවටද අනුකූලය. ඒ ජේසුස් වහන්සේගේ ශ්‍රී සළුව ලෙසින් හඳුන්වන භූමිදාන සළුවය. නිවැරැදිව පවසා සිටියොත් භූමිදාන සළුවේ පළමු පිටපතය. මහනුවර, අම්පිටිය මොන්ටිපානෝ තාපසාරාමයේ තැන්පත්ව ඇති මෙම භූමිදාන සළුවේ පළමු පිටපත අපට කියා දෙන්නේ ජේසුස් වහන්සේ පිළිබඳ සැබෑව විද්‍යාත්මක සාධකයන්ය. ශ්‍රී සළුව හෙවත් පියුරින් හි කිරි සළුව යන්නෙන් හඳුන්වන මෙම ඉපැරැණි ලිනන් රෙදිකඩ, කුරුස පත්තර, මරණයට ප්‍රාප්ත කරන ලද ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ ඡායාව නිවැරැදිව සටහන් වී ඇති රෙදිකඩය. ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ දුක්ප්‍රාප්ති කතා පුවතින් විස්තර කෙරෙනුයේ බොහෝදුරට මෙම රෙදිකඩින් පෙන්නුම් කරන කාරණාය. මෙම රෙදිකඩ දිගින් සෙන්ටිමීටර් 442ක් වන අතර පළලින් සෙන්ටිමීටර් 113ක් වේ. තවද මෙය දිග අතට සෙන්ටිමීටර් 8ක් පමණ දිගය. ජෙරුසෙලම, කොන්ස්තන්තිනෝපලය, ප්‍රංශය ආදී රටවල තැන්පත් කර තිබූ ශ්‍රී සළුව එසේත් නොමැති නම් භූමිදාන සළුව මේ වන විට තැන්පත් කර ඇත්තේ ඉතාලියේ පියුරීන් නුවර ශුද්ධ ස්වභාවක ජුවාම් මුනි ආසන දෙව් මැඳුරේය. මෙම පියුරීන් නුවර ශ්‍රී සළුවේ පළමු පිටපත 1977 වර්ෂයේදී ඇමෙරිකාවේ සිල්වෙස්ට්‍රෝ බෙනඩිකාන තාපස සංඝයා විසින් ලංකාවට පරිත්‍යාග කරනු ලදුව අතිගරු පියෝසීන් වික්‍රමරත්න සහ ශාන්ත බෙනඩිකාන නිකායේ ශේ‍ර්ෂ්ඨාධිපති පියතුමන් ලෙස එම වසරේ උඳුවප් මස පස්වැනි දින මොන්ටිකානෝ තාපසාරාමයේ තැන්පත් කර තිබේ. බෙනඩිකාන නිකාය විසින් දිගින් දිගටම මෙම ශ්‍රී සළුව පිළිබඳ යොමු කළ අවධානය නිසාම ඒ සැබැවින්ම ලංකාව තුළ ස්ථානගත වූවා යැයි කීම නිවැරැදිය.

මහනුවර අම්පිටියේ පිහිටි මොන්ටිකානෝ තාපසාරාමය සැබැවින්ම ස්වාභාවික පරිසරයේම දිගු දුර ඇදීමකි. කදිම නිර්මාණයකි. තාපසාරාමයේ එක් කෙළවරක කුඩා කුටියක කෝටි 220ක් වන කිතුනුවන්ගේ ජීවමාන සාක්ෂිය වේ. ඉතිහාසය සහ ශුද්ධ බයිබලය පවසන ලෙස ජේසුස් වහන්සේ මරණයට පත්ව දින තුනකින් උත්තානය වී තිබේ. මෙහිලා සඳහන් කළ යුතු වැදගත්ම කරුණ වන්නේ මෙම භූමිදාන සළුව නම් විද්‍යාත්මක සාක්ෂිය ලොවට ලැබෙන්නේ ජේසුස් වහන්සේ උත්තානය කිරීම දිනයේදීය. කස පහර දෙමින් කටු ඔටුනු පලඳවා ඉන් පසුව කුරුසයක ඇණ ගසා මරණයට පත් කළ උන්වහන්සේගේ ශ්‍රී දේහය ගල් ලෙනක තැන්පත් කරද්දී දේහය ඔතා තැබූ රෙදිකඩ එසේත් නොමැති නම් පෙර සඳහන් කළ භූමිදාන සළුව අදද උන්වහන්සේ පිළිබඳ කරුණු කාරණා පවසා සිටින අතිශයින්ම වටිනා විද්‍යාත්මක සාක්ෂිය.

ක්‍රිස්තු වර්ෂ 544දී එකල තිබූ තාක්ෂණයට අනුරූපව මෙම රෙදිකඩ තුළ මිනිස් රූපයකට සමානව දිස්වන රූපයක් පැහැදිලි කරගන්නා අතර ක්‍රිස්තු වර්ෂ 944දී එය පරිපූර්ණ මිනිස් රූපයක් බව සොයා ගැනේ. මෙම භූමිදාන සළුව පිළිබඳ කතා ප්‍රවෘත්තීන් නැවතත් කරළියට පැමිණෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1532 කුරුස යුද්ධ සමයේදීය. ප්‍රංශයේ කතෝලික දෙව් මැඳුරක රිදී මංජුසාවක බහා තිබියදී කුරුස යුද්ධයේ ප්‍රතිඵල නිසාම ගින්නට හසුවන මෙම රෙදිකඩ මත උණු උණු රිදී වෑස්සී සිදුවූ පිලිස්සීම් අදද දැකගත හැකි යැයි කියැවේ. මෙම භූමිදාන සළුව ලොව මවිතයට පත් කරන්නේ නූතන තාක්ෂණයේ මූලාරම්භය වන 1898 වර්ෂයේදී මෙම රෙදිකඩ ප්‍රථමව ඡායාරූපගත කිරීමෙන් පසුවය. එහි නෙගටිව් පිටපතේ පොසිටිව් ඡායාරූපයක් සටහන් වන බව රෙදිකඩ ඡායාරූප ගත කරනු ලද ඡායාරූප ශිල්පියා විසින් සොයා ගනු ලබයි.

මෙම නෙගටිව් පිටපතේ පොසිටිව් ඡායාරූපය පිළිබඳ විද්‍යාත්මක හැදෑරීමක් එකලදී සිදු නොවන අතර 1978 වර්ෂයේදී ජෝන් පාවුළු ශුද්ධෝත්තම පියාණන් 44 දෙනකුගෙන් සමන්විත විද්‍යාත්මක මඬුල්ලකට අවසර ලබාදෙන්නේ මෙම සළුව පිළිබඳ විද්‍යාත්මක පරීක්ෂණ ආරම්භ කරන්නටය. විද්‍යාඥයන් පළමුව සොයා බලන්නේ මෙම සළුවේ සටහන් රේඛාවන් චිත්‍රයට නැඟූ රේඛාවන්ද වන බවය. එම රේඛාවන් චිත්‍රයට නැඟූවක් නොවන බව තහවුරු කර ගැනීමෙන් පසුව සළුව මතින් නැඟීසිටින්නේ අඩි 6ක් උස අවුරුදු

30-35ත් අතර මීට වසර 2000කට පමණ පෙර ජීවත් වුණු යුදෙව් ජාතිකයකුගේ රුවකි. මෙම නෙගටිව් සටහනේ තිබූ තවත් පොසිටිව් සාක්ෂියක් වන්නේ එම සළුව පරිහරණය කළ පුද්ගලයාගේ රුධිර ගණයයි. එම රුධිර ගණය ඒබී + බවත් සොයා ගනු ලැබේ. ඉතාලියේ ටියුරීන් නුවර තිබෙන ශ්‍රී සළුවේ ප්‍රථම පිටපත මහනුවර අම්පිටියේ මොන්ටිකානෝ තාපසාරාමයට ලැබීම සැබැවින්ම සුබාරංචිකයක්ද නොවේ.

මෙම කරුණු පිටපත ඉතා ළඟින් නිරීක්ෂණය කිරීමේදී පැහැදිලිව අඩි 6ක් උස ජේසුස් වහන්සේගේ ඉදිරිපස සහ පසුපස පෙනුම එහි වේ. පළමු පිටපතේ ඇති ශරීරයේ මුහුණ පෙන්නුම් කරන්නේ නෙගටිව් ආකාරයෙන් වීමට හේතුව මෙම පළමු පිටපත ලබාගෙන ඇත්තේ

ශ්‍රී සළුවෙන් පැමිණෙන ආලෝකය හරහා වීම නිසාය. හිසේ පැලඳි කටු ඔටුන්න පිළිබඳ පැහැදිලි සාක්ෂි එහි වේ. නළලත මත තුවාල 13කි. හිස පිටුපස තුවාල 22කි. ඒ කටු ඔටුන්න පැලැන්දූ නිසාය. වධ බන්ධනයට ලක්කිරීමෙන් පසුව ජේසුස් වහන්සේගේ ශරීරය කුරුසයට තබා ඇණ ගසා ඇත්තේ අල්ල මැද්දෙන් නොව අතෙහි මැණික් කටුව හරහා බවද පළමු පිටපත පෙන්නුම් කරයි. එපමණක්ද නොව ශ්‍රී සළුවෙන් ලබාගත් තවත් විද්‍යාත්මක සාක්ෂීන් බොහෝය. ඒවා අතරින් ප්‍රමුඛ වන්නේ පරාගයන්ය. පරාග 21ක් එම සළුවෙන් සොයා ගන්නා අතර ඒවා එදවස පලස්තීනයේ වැඩුණු කටු පඳුරු සහිත මල් බව තහවුරුව තිබේ. ඒ අනුව ජේස්සු වහන්සේ නමින් මනුෂ්‍යයකු මෙලොව ජීවත් වූ බවත් එම මනුෂ්‍යයා විසින් මිනිසුන් උදෙසා මාර්ගෝපදේශකත්වය ලබාදුන් බවත් පිළිගත හැකි වේ.

කතාව පින්තූර – ප්‍රභාත් අත්තනායක

Live TV Cricket