අපව මෙහෙම බය කරන්න එපා.. කෙලින්ම හිරේ දාන්න.. රාජිතත් හොදටම බයවෙලා.. තිගැස්සිලා..- හරීන්

0
468

වත්මන් ආණ්ඩුවද තම ආණ්ඩුව කටයුතු කළ ආකාරයට දේශපාලන පළිගැනීම් ආකාරයෙන් කටයුතු සිදු නොකළ යුතු බව හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සමග සඳහන් කරයි.

සියම් පුද්ගලයකු වූ වැරැද්දක් ඇත්තේ නම් මාධ්‍ය සංදර්ශන නොකියා කෙලින්ම හිරේ දාන්න යැයි ද ඔහු ඉල්ලා සිටියේය.

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රාජිත සේනාරත්න හිටපු ඇමතිගේ සුවදුක් බැලීම සඳහා නාරාහේන්පිට ලංකා පුද්ගලික රෝහලට ගොස් එන එන අවස්ථාව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

තමන් හිරේ දමාවි යයි හිටපු ඇමැති රාජිත සේනාරත්න බියපත් වී තිබෙන නිසා ආතතිය ඇති වී තිබෙන බවද ඔහු සඳහන් කළේය.

හිටපු ඇමතිවරයාට බරපතළ රෝගී තත්ත්වයන් තිබෙන බව වෛද්‍ය වාර්තාවන්හි පවා සඳහන් ව ඇතැයි ඔහු තව දුරටත් පැවසීය.

Live TV Cricket